
පොල්දූව වටරවුමේ විරෝධතාවකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්
පොල්දූව වටරවුම අවට අද (17) සිට ලබන සිකුරාදා (21) දක්වා පැවැත්වීමට නියමිත විරෝධතාව සහ සත්‍යග්‍රහයට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, පහත සඳහන් වග උත්තරකරුවන් වන,
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල
හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත මෙම දැනුම් දීම සිදුකර තිබේ.
ඒ අනුව, මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබේ.
තවද, කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීමද, පොල්දූව වටරවුම ආශ්‍රිතව හෝ එම මාර්ගය හා මාර්ගය දෙපස කිසිඳු ඉදිකිරීමක් සිදු කිරීමද මෙම නියෝගය මගින් තහනම් කර තිබේ.