
ලංගම බසය ගසක ගැටී 12ක් රෝහලට
හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළු ඔය පාලම අසලදී අද (17) උදෑසන ලංගම බස් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් ( දුණුකොල කැඩීයෑම ) හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හලාවත මහ රෝහලටයි.
තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද සිටින බවයි පොලිසිය පැවසුවේ



