දේශබන්දුගේ රිට් පෙත්සමේ තීන්දුව අද

දේශබන්දුගේ රිට් පෙත්සමේ තීන්දුව අද

වැලි­ගම ප්‍රදේ­ශයේ හෝට­ල­ය­කට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ සිද්ධි­යට අදා­ළව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග කර­මින් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් දී ඇති නියෝ­ගය අත්හි­ටු­වන අතුරු තහනම් නියෝ­ග­යක් නිකුත් කර­න­වාද නැද්ද යන්න පිළි­බඳ අභි­යා­ච­නා­ධි­ක­රණ නියෝ­ගය අද (17) ප්‍රකාශ කිරී­මට නිය­මි­තය.

මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් ඉකුත් පෙබ­ර­වාරි මස 27 වැනිදා නිකුත් කළ එම නියෝ­ගය බල රහිත කරන ලෙස ඉල්ලා පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ඉදි­රි­පත් කළ රිට් පෙත්සම සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කාර පාර්ශ්වය සහ වග උත්ත­ර­කාර පාර්ශ්ව­යෙන් ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම නියෝ­ගය ප්‍රකාශ කෙරේ.

අභි­යා­ච­නා­ධි­ක­රණ වැඩ­බ­ලන සභා­පති මොහො­මඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසා­නා­යක යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ එම කරුණු සලකා බැලීම ඉකුත් 12 වැනිදා අව­සන් කෙරිණ.

දේශබන්දු තෙන්නකෝන් මහතා, අභියාචනාධිකරණය හමුවේ එම රීට් පෙත්සම ගොනු කළේ, පසුගිය 10 වැනිදා ය.

තම­න්ගෙන් ප්‍රකා­ශ­ය­ක්වත් සට­හන් කර ගැනී­මට පෙර අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීති විරෝධී මෙන්ම අසා­ධා­රණ වන බැවින් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් නිකුත් කර තිබෙන නියෝ­ගය බල රහිත කිරීමේ රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්ත­ර­ක­රු­වන් ලෙස මාතර මහේ­ස්ත්‍රාත් අරුණ බුද්ධ­දාස, වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය, මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල, එම අමා­ත්‍යාං­ශයේ ලේකම් රවි සෙනෙ­වි­රත්න, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පා­විල ඇතුළු දහ හතර දෙනකු නම් කර සිටියි.