අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවෙයි

සන්දිවේලි පොලිස් වසමේ දේවපුරම් ක්‍රීඩාංගනය අසළ කැලෑබද ප්‍රදේශයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

සන්දිවේලි පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (15) දිනයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර එම මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව සන්දිවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරති.