බටලන්ද විවාදයට දින නියම කෙරේ

බටලන්ද විවාදයට දින නියම කෙරේ

බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය අප්‍රේල් 10 වැනිදා ඇරැඹීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය මේ අනුව පැවැත්වෙයි.

එම විවාදයේ දෙවැනි දිනය සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට තීරණය වී තිබේ.