
කෝටි 03 ක කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට
අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඒවා තිබූ රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ රේගු පරීක්ෂකවරයා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට ගත් බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ.
රේගු නිලධාරීන් නොමඟ යවමින් බලයලත් ලිපියක් සහිත රේගු පරීක්ෂකවරයෙකු එම කංසා තෙල් පාර්සලය ඉවත් කරගැනීමට උත්සහ කර ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් රුපියල් කෝටි 03 කට අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් මෙම කංසා තෙල් කිලෝග්‍රෑම් 3.2ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බවයි, ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.