
ජාතික සත්ත්ව සංගණනය අද
කෘෂි කාර්මික භෝග වලට හානි සිදුකරන සතුන් පිළිබඳව සිදුකෙරෙන ජාතික සත්ව සංගණනය අද (15) දිනයේ දීප ව්‍යාප්තව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකර්ම, පශූ සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසනවා.
අද (15) පෙරවරු 8.00ත් 8.05ත් අතර කාලය තුල වනාන්තර බිම් හැර සියලු ගෘහ ඒකක, වගාබිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතය ආශ්‍රිතව සැරිසරන වඳුරන්, රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව හඳුනාගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එම සතුන් ගණනය කර ඊට අදාළව ලබාදී ඇති සංගණන පත්‍රිකාවේ එම සංඛ්‍යාව සටහන් කර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට, ආර්ථික සංවර්ධන නිලධාරීවරයාට, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයාට ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ.
ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්රමුඛ කරගනිමින් මෙම සංගණනය පැවැත්වේ.
එමෙන්ම බෝග වගාවන් සඳහා හානි කරන වන ජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණකි.
එමගින් රැස්කරන ලද දත්ත මත මෙරට පොහොසත් ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් බලපෑමට ලක්වූ ප්‍රජාවට සහයවීම සහ කළමනාකරණය සඳහා සාක්ෂි මත පදනම් වු ප්‍රතිපත්ති තීරණ සහ ඉලක්කගත මැදිහත්වීම් සඳහා පදනමක් ලෙස ක්‍රියාකරන බව කෘෂිකර්ම අමාත්‍යංශ සඳහන් කළේය.