
බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.