ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නවසීලන්තයේ දී විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නවසීලන්තයේ දී විශිෂ්ඨ ජයක්

සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අද (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්.

රාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

එහිදී, Emma McLeod ලකුණු 44ක්ද, නායිකා Suzie Bates ලකුණු 21ක්ද, Jess Kerr ලකුණු 10ක්ද රැස් කළ අතර, අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට හැකි වුණේ නැහැ.

පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුළු 03ක්ද, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීශා දිල්හාරි කඩුළු 02 බැගින්ද, සුගන්ධිකා කුමාරි මෙන්ම චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 102ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 01 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී, නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 64ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 07ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 02ක්ද, කවීශා දිල්හාරි ලකුණු 12ක් සහ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 12ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළා.