ඇමෙරිකන් මගී ගුවන් යානයක් හදිසියේම ගිනි ගනී

ඇමෙරිකන් මගී ගුවන් යානයක් හදිසියේම ගිනි ගනී

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ.

ගින්නත් සමඟ යානය, ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යැවීම සිදුවුණු අතර, එය ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.

එම යානයේ ගමන් ගත් මගීන් 172 සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 06 දෙනා ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යානයේ මගීන් වහා පිටතට ගැනීම සිදුවන අතරතුරේ ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමට හැකිවිය.

එහි කාර්යය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුවයි මෙසේ යානය ගොඩබස්වා ඇත්තේ.