වෛද්‍යවරිය අපයෝජනය කළ පුද්ගලයාගේ නිවසේ පාත්තරයක අත් බෝම්බයක්

වෛද්‍යවරිය අපයෝජනය කළ පුද්ගලයාගේ නිවසේ පාත්තරයක අත් බෝම්බයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු පදිංචිව සිටි නිවසේ ගමන් මල්ලක තිබූ පාත්තරයක තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරිගේ ජංගම දුරකථනය සෙවීම සඳහා ඔහු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (13) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙනු ලැබුවා.