සහෝදරියන් දෙදෙනෙක් කපාකොටා ඝාතනය කෙරේ

සහෝදරියන් දෙදෙනෙක් කපාකොටා ඝාතනය කෙරේ

මූතූර් පොලිස් බලප්‍රදේශයේ දාහානගර් ගම්මානයේ කපාකොටා ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද අලුයම සොයාගෙන තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 68ක හා 74ක් වන කාන්තාවන් දෙදෙනෙක්වය.

අවිවාහක කාන්තාවන්වන මොවුන් විශ්‍රාමික පාසල් ගුරුවරියක් සහ හෙද නිලධාරිනියක් බව සදහන්.

මොවුන් දෙදෙනා තනිවම නිවසේ රැදී සිට ඇති අතර, ඝාතනයට හේතුව සහ ඝාතකයින් පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.