දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 14 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 14 වන සිකුරාදා

Qries

මේෂ තරමක් අවිවේකී බවක් ගෙන දෙයි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. වැයපස ද නොසිතූ ලෙස වැයවන දිනකි. කල්පනාවෙන් කලමනාකරණය මැනවි. අමතර ලාභ ද දෙයි. සිරසගත රෝග ද මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 05

ශුභ වර්ණය: තැඹිලි

Qries

වෘෂභ ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි බහුල වෙයි. ආගමික උත්සව සංවිධානය, ඒවා සඳහා සහභාගි වීම් ආදියට ද හේතුයි. මහජන උත්සව, සමිති සමාගම් වැනි දේවල් ද යෙදේ. මුත්‍රා රෝග, මේහ රෝග මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 04

ශුභ වර්ණය: ක්‍රීම්

Qries

මිථුන දුර ගමන් සැලසුම් කෙරේ. ක්‍රියාකාරකම් ද බහුල වේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනෙයි. ආගමික පුදපූජාවල ද නිරත වෙයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. වැයපස ද ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 03

ශුභ වර්ණය: සුදු

Qries

කටක ක්‍රියාකාරි දිනකි. ප්‍රීති උත්සව සාද යෙදේ. පොදු සමිති සමාගම් වැනි දේවලට ද සහභාගි වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ සම්පත් මතු කරයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 07

ශුභ වර්ණය: කහ

Qries

සිංහ ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව යෙදේ. නිව නිවාස ලාභ ලැබීම්වලට හේතු ගෙනදෙයි. රැකියාවේ ප්‍රවර්ධනයට හේතුයි. හදිසි ධන වාසනා ඉස්මතු වෙයි. සන්ධි ප්‍රදාහ රෝග ගෙන දෙයි.

Date: 2025-03-14

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා දම්

Qries

කන්‍යා තරමක් ශුභඵල ගෙන දෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. ව්‍යාපාරවල බාධා මතු වෙයි. ආර්ථික වශයෙන් පහත වැටේ. සෙම් බහුල වීමෙන් රෝග සෑදේ.

Date: 2025-03-14

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

තුලා ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධවත්ව රැකියාවේ යෙදේ. භූමි ලාභ සම්පත් දායක වන දිනකි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝග ද යෙදෙයි.

Date: 2025-03-14

ජය අංකය: 03

ශුභ වර්ණය: ළා රෝස

Qries

වෘශ්චික ශුභවාදී ඵල ගෙන දෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විනෝදජනක කටයුතුවල යෙදේ. වැයපස ද ඉහළ යයි. ආමාශගත රෝග යෙදෙයි.

Date: 2025-03-14

ජය අංකය: 02

ශුභ වර්ණය: රතු

Qries

ධනු ශුභාශුභ ඵල මතු කරයි. කෙටි ගමන් බිමන්වලට හේතුයි. සතුරු බලපෑම්වලට හේතු බැවින් ක්‍රියාකාරකම්වලදී බුද්ධිමත් වීම ද මැනවි. වැයපස ද තරමක් ඉහළ යන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 02

ශුභ වර්ණය: රෝස

Qries

මකර ශුභාශුභ ඵල ගෙන දෙයි. තරමක් කලකිරීම් මතු කරයි. ආවේගශීලි ගති මතුවෙයි. මිතුරන් දුරස්ථ කරවන ක්‍රියාවලට හේතු බැවින් ඉවසීම මැනවි. හදිසි ලාභ ගෙන දෙයි. සන්ධිප්‍රදාහ මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 08

ශුභ වර්ණය: දුඹුරු

Qries

කුම්භ සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. රැකියාවලදී තරමක් සිත් චංචල කරවයි. තම ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් කාලය හා ධනය වැය කරයි. අවිවේකී බවද ගෙන දෙයි. හදිසි ධන ලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 01

ශුභ වර්ණය: නිල්

Qries

මීන ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිවලදී ප්‍රබෝධයෙන් ක්‍රියා කරයි. තම ව්‍යාපාර ද තරමක් දියුණුවට පත්වන අතර ඇසුරු කරන්නන්ගේ උදව් උපකාර ද ලබන දිනකි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි.

Date: 2025-03-14

ජය අංකය: 09

ශුභ වර්ණය: දම්