මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ සංවර්ධනයට කොරියාවෙන් ඇ.ඩො.මි 7200,000 පරිත්‍යාගයක්

මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ සංවර්ධනයට කොරියාවෙන් ඇ.ඩො.මි 7200,000 පරිත්‍යාගයක්

ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන “මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන” ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ‌ඩොලර් මිලියන 7,200,000 ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය සදහා නවීන තාක්ෂණයෙන් යුත් රුපියල් මිලියන 160 කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම සේවා රථ (Mobile Workshop) 08 ක් සහ රුපියල් මිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ, සේවා කටයුතු සදහා වන මෙවලම් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනමේ (KOFIH) සභාපති වෛද්‍ය ඉල්-සූ හා (Dr. II-Soo Ha) යන මහත්ම මහත්මීන් විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත එම පරිත්‍යාග නිල වශයෙන් බාරදීම ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුවිය.