කජ්ජා ඝාතනය රු. ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට අනාවරණයක්

කජ්ජා ඝාතනය රු. ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට අනාවරණයක්

අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව, ඉන් රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් වෙඩික්කරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

ඉතිරි මුදල, ඝාතනයෙන් අනතුරුව ගිණුම්ගත කිරීමේ එකඟතාව මත එම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර මේ දක්වා එම මුදල සැකකරුට ලබා දී නොමැති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මීගස්ආරේ කජ්ජා පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

එහිදී තුවාල ලැබූ ඔහුගේ දරුවන් දෙදෙනා ද පසුව මිය ගියේය.