ලක්ෂ 58 කට අධික දුම්වැටි සමග දෙදෙනෙක් කටුනායකදී කොටුවෙයි

ලක්ෂ 58 කට අධික දුම්වැටි සමග දෙදෙනෙක් කටුනායකදී කොටුවෙයි

රුපියල් පනස් අට ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනකු අද (06) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනාම නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් කාන්තාවක් 42 හැවිරිදි වියේ පසුවන මෙම දුම්වැටි මෙරටට ප්‍රවාහනය කිරිම සදහාම පැමිණි කාන්තාවකි.

අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු තුළ මැන්චෙස්ටර්, ප්ලැටිනම් සහ එසේ චේන්ජ් යන වර්ග වලට අයත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 196 ක් සගවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇපමත මුදා හැර ඇති අතර, එළඹෙන12 වන දින මොවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.