මර්වින්ගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට

මර්වින්ගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඊයේ (05) රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි