
පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 ක් අල්ලයි
වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි මෙට්‍රික්ටොන් 750 කට අධික ප්‍රමාණයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත අදාළ තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.
එම තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාසය ලෙසත් කල්ඉකුත්වන දිනය මෙම වසරේ මාර්තු සහ මැයි ලෙසත් සඳහන් කර තිබූ අතර එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබූ බව සඳහන්ය.
තවදුරටත් ඉදිරියේ දී මෙම තොග වෙළදපොලට නිකුත්වීම වැලැක්වීම සඳහා අදාළ භාණ්ඩ තොගය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන පවත්වන බවත් එම අධිකාරිය පැවසීය.
