ඩේසි ආච්චිට ඇප

ඩේසි ආච්චිට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ අනුව, ඇයව ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මත මුදාහැර ඇත.

මුදල් විශුද්ධිකරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදි ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.