දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 04 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 04 වන අඟහරුවාදා

Qries

මේෂ රාජකාරි ස්ථානවල මූලිකත්වයෙන් ක්‍රියා කරයි. පොදු වැඩවලදී ක්‍රියාශීලි අයෙකි. උපදේශකත්වයෙන් ක්‍රියා කරයි. උගතුන්, වියතුන් ඇසුරට පත්වෙයි. ගමන් බිමන් නිසා ද වැය ඉහළයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2025-03-04

ජය අංකය: 05

ශුභ වර්ණය: තැඹිලි

Qries

වෘෂභ ක්‍රියාකාරකම් බහුල දිනකි. තරමක් කලබලකාරි ගති මතු කරයි. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් දුර දිග බලා ක්‍රියා කළ යුතු අතර තරමක් වැයපස ද ඉහළ යයි. මුත්‍රා ආසාදන රෝග ද මතු කරයි.

Date: 2025-03-04

ජය අංකය: 02

ශුභ වර්ණය: රන්වන්

Qries

මිථුන ක්‍රියාකාරකම් බහුලයි. තරමක් අතපසු වීමට ද හේතුයි. රාජකාරිවලට අමතරව ක්‍රියාදාම යෙදෙන නිසාම අවිවේකි දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වීමට ද ඉඩ ඇත. ප්‍රවේශමෙන්. සන්ධි ඉදිමීම් වැනි රෝග මතු වේ.

Date: 2025-03-04

ජය අංකය: 08

ශුභ වර්ණය: සුදු

Qries

කටක අවිවේකි බවක් ගෙනදෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. දුර ගමන් ද යෙදේ. උත්සව, සාද වැනි ක්‍රියාකාරකම් සංවිධානයට හේතුයි. තම අරමුණු තරමක් ජයගනී. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු වේ.

Date: 2025-03-04

ජය අංකය: 04

ශුභ වර්ණය: කහ

Qries

සිංහ ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. කෙටි ගමන් යෙදේ. තරමක් අලසගති ඉස්මතු කරයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සතුරන් දමනය වෙයි. සෙම් කෝප රෝගවලට හේතුයි.

Date: 2025-03-04

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා දම්

Qries

කන්‍යා ශුභාශුභ ඵල දෙයි. රාජකාරි බහුල වෙයි. අවිවේකි බවක් ගෙනදෙයි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2025-03-04

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

තුලා ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. හුදෙකලාගති මතුවෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. සෙම් ආසාදන රෝගවලට හේතුයි.

Date: 2025-03-04

ජය අංකය: 03

ශුභ වර්ණය: ක්‍රීම්

Qries

වෘශ්චික සාමාන්‍ය ලෙසින් දවස ගෙවෙයි. සාමාන්‍ය ලෙසින් රාජකාරිවල යෙදෙන අතර තම වෙළහෙළඳාම් වලින් ජයගෙන දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මුඛ රෝග, දන්ත රෝග මතු කරයි.

Date: 2025-03-04

ජය අංකය: 07

ශුභ වර්ණය: රතු

Qries

ධනු ශුභවාදි ඵලදෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

Date: 2025-03-04

ජය අංකය: 01

ශුභ වර්ණය: රෝස

Qries

මකර ශුභාශුභ ඵලදෙයි. තරමක් අලසව ක්‍රියා කරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැනනැඟේ.

Date: 2025-03-04

ජය අංකය: 09

ශුභ වර්ණය: නිල්

කුම්භ ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරිවල ප්‍රබෝධවත්ව යෙදේ. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතා මත දවස ක්‍රියා කරයි. අමතර ලාභ ලැබේ. සෙම් ආසාදන රෝග මතු වේ.

Date: 2025-03-04

ජය අංකය: 05

ශුභ වර්ණය: තද දුඹුරු

මීන ශුභවාදි ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වධ දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ, බඩවැල් රෝග මතු වෙයි.

Date: 2025-03-04

ජය අංකය: 07

ශුභ වර්ණය: තද කහ