
නිරුවතින් යතුරු පැදියකින් නුගේගොඩ සිට නුවරට ගිය අයෙක් කඩුගන්නාවේ දී අත්අඩංගුවට
නිරුවතින් නුගේගොඩ සිට මහනුවරට යතුරු පැදියකින් පැමිණෙමින් සිටි 34 හැවිරිදි තරුණයෙක් කඩුගන්නාවේ දී මාර්ග බාධක දමා අත්අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලිසිය කටයුතු කර තිබේ.
මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි, පොලිසිය සදහන් කළේ.
නුගේගොඩ සිට පොලිස් බල ප්‍රදේශ ගණනාවක් පසුකරමින් කිසිම පොලිස් නිලධාරියෙකුගේ බාධා කිරීමකට ලක් නොවී නිරුවතින් කඩුගන්නාව තෙක් පැමිණි මෙම පුද්ගලයා හිස් ආවරණයක්වත් පැළඳ නොසිටීමද විශේෂ සිද්ධියකි.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය මාර්ග බාධක දමා ඇත්තේ කෑගල්ල පොලිසියෙන් ලද තොරතුරක් මත බව පැවසේ.
එහිදී මෙම පුද්ගලයා කඩුගන්නාව පොලිසියට පවසා ඇත්තේ, නිරුවතින් යතුරුපැදියක යන පුද්ගලයෙකුට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි බැලීම සඳහා මේ ගමන පැමිණි බවය.
ඒ අනුව, අහංගම සිට පැමිණි මෙම තරුණයා අවස්ථා 03 කදී ඉන්ධන පිරවුම්හල්වෙත ගොස් ඉන්ධනද ලබාගෙන ඇති බව සදහන්.
ඔහුව අත් අඩංගුවට ගත් කඩුගන්නාව පොලිසිය පවසන්නේ, අධිකරණයට ඉදිරිපත් කර ලබා ගන්නා මනෝ වෛද්‍ය වාර්තාවක් සමග ඉදිරි කටයුතු සිදුකරන බවය.