ග්‍රෑන්ඩ්පාස්හි පිහි ඇනුමකින් තිදෙනෙකුට බරපතලයි

ග්‍රෑන්ඩ්පාස්හි පිහි ඇනුමකින් තිදෙනෙකුට බරපතලයි

කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුවේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අද (26) පස්වරුවේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑ තිදෙනාගේ ම තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදුකරයි