ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අනතුරක

ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අනතුරක

ශ්‍රීපාද වන්දනාකරුන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් (26) දින අනතුරට පත් වීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

උලපනේ මාවෙල සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි එකම පවුලේ පිරිසක් ආපසු නාවලපිටිය උලපනේ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී වෑන් රථය ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුලුව ප්‍රදේශයේදි මාර්ගය අභියස පිහිටි කන්දේ ගැටි වෑන් රථය මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ අනතුරින් තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර තිබේ.

අනතුරෙන් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා.