විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ පාසල් වෙත ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27වනදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණි.