
“වැඩේ කලා – වැඩේ හරි” ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට
‘වැඩේ කලා. වැඩේ හරි’ යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ගනේමුල්ල සංජීව නමත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පලා ගිය නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ මල්ලි සමග කෙටි පණිවිඩ සංවාද පවත්වා ඇති බවද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම ආන්දෝලනාත්මක ඝාතනයේ මහ මොලකාරිය වන්නේ වෙඩික්කරු නොව නීතිඥ වෙස්ගත් සැකකාරිය බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.