
ග්රහලෝක 07ක් එක පෙළට දැකගත හැකි දුර්ලභ අහස් සංදර්ශනයක්
සෞරග්රහ මණ්ඩලයට අයත් ග්රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඒ අනුව, අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුළ හිරු බැසගිය පසු ශ්රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි, ඔහු පවසන්නේ.
පෘථිවිය හැර සෞරග්රහ මණ්ඩලයට අයත් සියලු ග්රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.