
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඡන්ද වීමසීම අද (25) පස්වරු 06ට පැවැත්වීමට නියමිතයි.
මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරබරවාරි මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව පෙබරවාරි මස 18 වන දින සිට අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවති අතර අද (25) එහි අවසන් දිනයයි.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වන දින දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 06ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.