
හම්බන්තොට වරාය නියමිත ගැඹුරට හාරයි
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නියමිත ගැඹුර තැනින් තැන අඩුවීම හේතුවෙන් නියමිත ගැඹුරට හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෑරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහතා පැවසීය.
මුහුදු මට්ටමේ සිට මිටර් 17 ක් ගැඹුරක් ඇති වරාය දැනට තැනින් තැන රොන් මඩ තැන්පත් වී ඇති හෙයින් අදාළ ප්‍රමිතියෙන් වරාය පවත්වාගෙන යෑම හා ආරක්ෂක ප්‍රමිතින්ට අනුකුල වන සේ ගැඹුර පවත්වාගෙන යෑමට ගැඹුරු කිරිම සිදුකරන බවද ප්‍රධාන නිලධාරිවරයා සඳහන් කළේය.
භාණ්ඩ හා සේවා නෞකාද මගි නෞකාද වැඩි වශයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණීම සිදුවන හෙයින් අදාළ ගැඹුර වරායේ සැම ස්ථානයකම නියමිත ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යෑම මෙම ව්‍යාපාතියේ අරමුණ වේ.