
මුදල් අමාත්‍යංශයේ වාහන 176ක් අතුරුදන්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරු වලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචි කර ඇති වාහන 257න් වාහන 176ක භෞතික පැවැත්ම තහවුරු කරගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මේ අතුරින් වාහන 99ක් පිළිබද භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.
මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති සියලු වාහන පිළිබද භෞතික පැවැත්ම හා අයිතිය තහවුරු කරගැනිමට කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ මෙම වාහන 176 සම්බන්දයෙන් තොරතුරු සොයාගැනිමට කටයුතු කරමින් පවතින බවය.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.