සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ නිවසේ ජීව උණ්ඩ

සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ නිවසේ ජීව උණ්ඩ

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයාගේ නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ කීපයක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

බෝර 12 ගිනි අවිවලට භාවිතා කරන උණ්ඩ 7 ක් එම් 16 වර්ගයේ අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 01 ක් විද්‍යුත් තරාදියක් මෙන්ම සුඛෝපභෝගි මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.