අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙක් නිදහස් කරයි

අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙක් නිදහස් කරයි

සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබේ.

රුපියල් බිලියන 3.5ක වැට් බද්ද ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් සිර දඬුවම් විඳීමෙන් පසු මෙසේ ඔවුන් නිදහස් කර ඇති බවයි, වාර්තා වන්නේ.

එහිදී අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය.

ඒ අනුව, අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.