වන්දනා නඩයක් රැගෙන ආ බස්රථයක් ගිනිගෙන අයෙක් මරුට

වන්දනා නඩයක් රැගෙන ආ බස්රථයක් ගිනිගෙන අයෙක් මරුට

අද (22) අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇත.

ඔවුන් පැමිණි බස් රථයේ මෙලෙස ගින්නක් හටගෙන ඇති අතර බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්වී ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත. උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.