
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 5 ක් තාවකාලිකව අත්හිටුවයි
අද (22) සහ හෙට (23) දිනයේ දී කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් ධාවනය කිරීම තාවකාලිව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසුවේ, නුගේගොඩ හා උඩහමුල්ල අතර පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවයි.
ඒ අනුව, පහත සඳහන් දුම්රිය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත.
අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)