27 වෙනිදා පාසල් නිවාඩුවක් ගැන දැනුම් දීමක්

27 වෙනිදා පාසල් නිවාඩුවක් ගැන දැනුම් දීමක්

හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිවාඩු ලබා දුන් බව ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය .

දෙමළ පාසල් වලට පමණක් බල පැවැත්වෙන පරිදි නිවාඩු ලබාදී ඇති අතර සිංහල සහ මුස්ලිම් පාසල් 27 වෙනිදා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

27 වෙනිදා වැසෙන පාසල් වෙනුවෙන් ලබන මාර්තු පළවෙනිදා සෙනසුරාදා පාසල් පවත්වා එම දිනය හිලව් කළ යුතු බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.