
අභ්‍යාස පොත් මිල අඩුකිරීමට සාකච්ඡාවක්
උසස් තත්වයේ අභ්‍යාස පොත් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අභ්‍යාස පොත් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කාලීනව සිදු වූ විදුලි බිල, විනිමය අනුපාතය හා ඉන්ධන මිල වෙනස්වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු වීමේ වාසිය පාරිභෝගිකයා වෙත දීම සම්බන්ධව සාකච්ජා කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පොත් නිෂ්පාදන ආයතන සමග පසුගියදා සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.
කාලීනව, භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සදහා අවශ්‍ය මැදිහත්වීම වෙනුවෙන් වෙළදපොල වැටලීම්, විමර්ශන සිදුකිරීම මෙන්ම සහ අදාල ආයතන සමග නිරන්තර සාකච්ජා පැවැත්වීමද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.