අත්ටැක්ටරයක නගුලට සිරවී යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

අත්ටැක්ටරයක නගුලට සිරවී යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

අත්ටැක්ටරයකින් ඉඩමක් හාමින් සිටි යුධ හමුදා සෙබලෙකු එම ටැක්ටරයේ නගුලට සිරවී ජීවිතක්ශයට පත්වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

මෙසේ ටැක්ටරයේ නගුලට සිරවී මියගොස් ඇත්තේ, දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහ වත්ත විජයබාහුකන්දේ පදිංචි දසන්ත චන්දික හේරත් නැමති 32 හැවිරිදි මල්ලාවි යුධහමුදා කදවුරේ (334432) සේවය කරමින් සිටි අයෙකි.

නිවාඩු ලබා නිවසට පැමිණ කුලී පදනම මත ලබා ගත් ඉඩමක එලවලු වගා කිරීම සදහා අත් ටැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදි ඊයේ (20) උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අත්ටැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදී අත්ටැක්ටරයේ ඇක්ස්ලේටරය සිරවී අත්ටැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබියදී අත්ටැක්ටරය නතරකර ගැනීමට සෙබලා උත්සහ කිරිමේදී අත්ටැක්ටරයේ නගුලට සෙබලා සිරවීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කැපී මෙම අනතුර සිදුවී ඇත.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

අනතුර පිලිබදව දිඹුල පතන පොලීසිය පරීක්ෂණ පවත්වයි.