බේකරි නිෂ්පාදන වල මිල ගැන තීරණය අද

බේකරි නිෂ්පාදන වල මිල ගැන තීරණය අද

බේකරි නිෂ්පාදනවල මිල අඩුකරනවාද? නැද්ද? යන්න පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බවයි, එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කරනු ලැබීය.

ඒ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමේ අරමුණිනි.

මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට වෙළෙඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද අදාළ සමාගම් ප්‍රකාශ කළේ ය.