
නෙළුම් කුළුණේ වැඩකළ චීන ඉංජිනේරුවෙක් කසිප්පු පෙරලා මාට්ටු
මෙරට නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ හිටපු ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ චීන ජාතිකයෙක් නීතිවිරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවකට පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත සැකකරු වැල්ලම්පිටිය බ්රණ්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 318,000ක්, නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 67,500ක් සහ එම මත්පැන් නිෂ්පාදනයට ගන්නා උපකරණ තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
මෙම වැටලීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ සහාය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අද (12) දිනයේ දී අලුත්කඩේ අංක දෙක අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා