ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්වයක්

ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්වයක්

මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳ්හන් කළේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.