
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ රාජකාරී අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා ඊයේ (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි නිල වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරන ලදි.
මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ 1970 ජුනි මස 06 වන දින උපත ලබා මාතලේ විජය විද්‍යාලයෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හදාරා 1989 ජනවාරි මස 20 වන දින පාඨමාලා අංක 31 IMA යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව 1990 ඔක්තෝබර් මස 05 වන දින අධිකාරි ලත් නිලධාරියෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වන ලදි.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරි දැනට යුද්ධ හමුදාවේ වසර 35 ක යුද්ධ හමුදා සේවාකාලයක් සපුරා ඇති අතර, සිය වෘත්තිය දිවිය තුල අණ, මාණ්ඩලික හා උපදේශණ තනතුරු රැසක් හොබවා ලද අත්දැකීම් සහ නිපුනත්වයෙන් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා රණ වික්‍රම සහ රණ ශූර යන වීර පදක්කම් වලින් පිදුම් ලබා ඇති අතර, නව තනතුරට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රාජකාරි ඉටුකරන ලදි.

