
බිත්තර සහ කුකුළු මස් මිල පහළට
බිත්තර සහ කුකුළු මස් සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති.
බිත්තරයක මිල රුපියල් 30 ට පහළ මට්ටමක පවතින බවත් සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750 ත් 850 ත් අතර මිල පවතින බවත් එම ව්‍යාපාරිකයෝ කියති.
කුකුළු මස් සෙසු සිල්ලර වෙළෙඳසැල්වල රුපියල් 900 ක් දක්වා පහත වැටී ඇති බව කියන ඔවුන් සම රහිත කුකුල් මස් රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිලක පවතින බව ද සඳහන් කරති.