
සීසර්ලා ගිය අවුරුද්දේ උස්සපු වාහන – දේපළ ප්‍රමාණය ගැන අනාවරණයක්
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.
කල්බදු වාරික සම්බන්ධ ජනතාවගේ ගැටලු වලට හැකි සෑම අවස්ථාවකම සහන ලබාදීමට සංගමයක් විදියට ඉදිරිපත් වන බව පැවසූ ලේකම්වරයා කල්බදු වාරික අපහසුතාවයෙන් තොරව ගෙවීමට හැකිවන පරිදි වාහන ඇතුළු දේපළ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ අත්පත් කරගැනීමට ගිය අවස්ථාවන්හිදී ඇතිවූ ගැටුම් වලින් තම වෘත්තිකයන් කීපදෙනෙකු මරණයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා ශාලාවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.