‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන අද

‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන අද

“සුන්දර වෙරළක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” සමාරම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

මෙම වැඩසටහනට සමගාවීම බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124කදී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වීමට නියමිතය.