කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – දිමුත් අවසන් වරට අද ටෙස්ට් පිටියට
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, ධනංජය ද සිල්වා තීරණය කල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පෙරවරු 10.00ට තරගය ආරම්භ කෙරුණි.
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී නොවූ පැතුම් නිස්සංක අද (06) ආරම්භ වන තරගය සඳහා කැඳවීමට නියමිත අතර රමේෂ් මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර මෙම තරගයෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ සත්වැනි ක්‍රීඩකයා ලෙසයි දිමුත් කරුණාරත්න ඉතිහාසගත වන්නේ.
මීට පෙර සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ටෙස්ට් තරග 100ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා