කොළඹ වරායේ නැව් තටාකාංගනයට වැටී පුද්ගලයෙක් මරුට

කොළඹ වරායේ නැව් තටාකාංගනයට වැටී පුද්ගලයෙක් මරුට

කොළඹ වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ වරායේ ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

ඊයේ (31) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව තිබුණා.

මියගිය පුද්ගලයා උදෑසන ආහාරයෙන් පසු අත් සේදීමට නැව් අලුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවට පොලිස් විමර්ශන වලදී අනවාරණය වී තිබෙනවා.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.