මන්ත්‍රී අර්චුනාට ඇප

මන්ත්‍රී අර්චුනාට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ඒ අනුව, මෙම නඩුව පෙබරවාරි මස 03වනදා යළි කැඳවීමට නියමිතය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ මන්ත්‍රී අර්චුනා රාමනාදන් යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.