හිටපු මන්ත්රී මාවෙයි සේනාධිරාජා අභාවප්රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ ප්රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්රාප්ත වී තිබේ.
මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (28) යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) රාත්රී 10ට පමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්රියාකාරීහුද දැනුම් දී සිටියහ.