මහජන පැමිණිලි සඳහා RMV එකෙන් Whatsapp අංකයක්
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ලිඛිත පැමිණිළි ‘Whatsapp’ හරහා ලබාගැනීමට නව දුරකථන අංකයක් හදුන්වා දුන් බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ ලිඛිත පැමිණිලි 0714033300 ‘Whatsapp’ හරහා යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට තවත් අවස්ථාවක් සලසා ඇති බව ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේය.