ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි
ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
එම තනතුරේ රාජකාරීන් ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන බවත් අවශ්‍ය වුවහොත් පමණක් එම තනතුර යලි ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.