උතුරු මැද පළාතේ විභාග පේපර් පිට කිරීමේ සිද්ධියට වැ.බ විදුහල්පතිවරයෙක් අල්ලයි
උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ පාසල් සිසුන්ගේ 2024 අවසන් වාර පරික්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන විදුහල්පතිවරයෙකු ඊයේ (28) දින සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර,තම්මැන්නාකුලම පදිංචි මහවිලච්චිය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකි.
අත්අඩංගුවට ගනුලැබූ මෙම වැඩබලන විදුහල්පතිවරයාගේ ජංගම දුරකතනයේ 2024 අවසන් වාර පරික්ෂනයට අදාල ප්‍රශ්න පත්‍රවල ජයාරෑප තිබු බවටත් ඒවා විවිධ පුද්ගලයන්ට වට්ස් අප් මගින් යවා ඇති බවටත් සිදුකළ මුලික පරික්ෂණයේදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිහකට අධික පිරිසකගෙන් පොලීසිය ප්‍රකාශ හා සටහන් ලබාගෙන තිබේ.